වසන්ත නමස්කාරගේ තුන්දාස් එකසිය හතලිස් හතරවැනි (3144) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

එදින සිද්ධාර්ථ විසින් රාත්‍රී ආහාරයෙන් වලකිනලෙස විනයනීතියක් පැනවූ දිනයකි.

දුර්ගේශ්වරී වෙනදාට වඩා කලින්ම ආස්‍රමයට ගොස් සිද්ධාර්ථ පැමිනීමට ප්‍රථමව රාත්‍රී ආහාරය රසවත්ව පිලියෙල කලාය.

අඩඅදුරේ ආස්‍රමයට පැමිනෙන සිද්ධාර්ථ ට ආහාර සුවඳ ආස්‍රමයේ ගෙමිදුලේ දීම දැනුනි.

වෙනදාට භාජන දෙකකට ආහාර බෙදන දුර්ගේශ්වරී එදින එක් භාජනයකට ආහාර බෙදාගෙන ඉතා සන්සුන්ව සිද්ධාර්ථ අසලින් වාඩිවිය.

සිදුවන්නේ කුමක්දැයි සිතාගැනීමට නොහැකිවූ සිද්ධාර්ථ තමා එදින දිවා කාලයේදී රාත්‍රී ආහාරයෙන් වලකිනලෙස විනය නීතියක් පැනවූබව පමනක් සිහියේ තබාගත්තාය.

කිසිවක් කතා නොකල දුර්ගේශ්වරී තමා අතේ තිබෙන ආහාර බදුනෙන් එක් පිඩ බැගින් සිද්ධාර්ථට කවන්නටවිය.

සිද්ධාර්ථ කිසිවක් කතානොකර වෙනදාටත් වඩා රාත්‍රී ආහරය ගත්තාය. 

එය සිද්ධාර්ථගේ සියලුම විනය නීතීන්වලට දුර්ගාගේ ප්‍රතිචාරයයි‍.

එතෙක් කිසිවක් කතා නොකල දුර්ගා තමාගේ ආහරයත්ගෙන අවසන්වූ පසුව සිද්ධාර්ථ ට කතා කලාය. ඇය වෙනදාටත් වඩා සතුටින් සිටියි. සිද්ධාර්ථ යුද්ධයෙන් පැරදුන රජෙකුමෙන් සිටියි.

සිද්ධාර්ථ ඔයා නිවන් දැක්කට සක්විති රජකෙනෙක්. ඔයාගේ විනය නීති කියන ආයුධය අනෙක් සියලුම ආයුධවලට වඩා දරුනුයි

දුර්ගේශ්වරී සිද්ධාර්ථ ට කීවාය.

තමාගේ ජීවිතය බේරාගත් දුර්ගේශ්වරී සමග සිද්ධාර්ථ කිසිම දිනෙක ප්‍රති තර්ක ගොඩනගන්නේ නැත.

සිද්ධාර්ථ ගේ විනය නීති පද්ධතිය තමාට අදාල නොවන බව දුර්ගේශ්වරී සිද්ධාර්ථ ට පැහැදිලි කලේ ඒ ආකාරයෙනි.

එය සිද්ධාර්ථ විසින් ඉතාම ගෞරවාන්විත ව අනුමත කලාය.

 

 

 

Comments