වසන්ත නමස්කාරගේ තුන්දාස් එකසිය අසූහයවැනි (3186) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

යුධශිල්පය උගත් සිද්ධාර්ථට දසමාර සේනාව ප්‍රශ්නයක් නොවුනි.

දුර්ගේශ්වරී සිද්ධාර්ථ අසලට යනවිට මාරදූවරුන් නටමින් සිටියාය.

එතැනට ගියොත් මාරදූවරුන් නැටුම තවත්වාවි, යැයි සිතූ දුර්ගේශ්වරී ඉතා සතුටින් ගසකට මුවාවී මාරදූවරුන්ගේ නැටුමදෙස බලාසිටියාය. මෙවන් නැටුමක් දුර්ගා මීටපෙර කිසිම දිනෙක දැක තිබුනේ නැත.

සිද්ධාර්ථ මාරදූවරුන්ගේ නැටුම එතරම් ගනන් ගත්තේ නැත. සිද්ධාර්ථ නැටුම් දෙස නොබලන නිසා වෙහෙසවී පැරදුන මාරදූවරු සිද්ධාර්ථ අසලින්  ඉවත්ව ගියාය.

නැටුම් බලමින්සිටි දුර්ගාට එය කනගාටුවකි.

දුර්ගේශ්වරී ඈතින් එනවාදුටු සිද්ධාර්ථගේ සතුට මුහුනින් පිටවිට.

සිද්ධාර්ථ අසලටගිය දුර්ගා සිද්ධාර්ථට මෙසේ කීවාය.

ඇයි මෝඩයෝ ගෑනු නටනදිහා බැලුවේ නැත්තෙ.

 

Comments