වසන්ත නමස්කාරගේ තුන්දාස් දෙසිය අනූහතරවැනි (3294) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

එදින ධර්ම දේශනයේදී සිද්ධාර්ථ විසින් තමන් බුද්ධ නමින් හදුන්වන ලෙස ස්‍රාවක යින්ට නියම කරන ලදී.

එය ඇසුනු දුර්ගේශ්වරී ගේ මුහුනට නවත්වා ගැනීමට අපහසු සිනහවක් පහල විය.

ඇය සිද්ධාර්ථ අසලට ගොස් ඔහුට පමනක් ඇසෙන ලෙස මෙසේ කීවාය.

 සිද්ධාර්ථ බුද්ධ කියන නම ඔයාට ගැලපෙන්නෙ නෑ. කියමින් ධර්ම සභාවෙන් පිටව අසපුවට ගියාය.

සිද්ධාර්ථ වෙනදාටත් වඩා කලින් ධර්ම දේශනය හමාර කර අසපුවට ගියේ දුර්ගා ගෙන් තමාට ගැලපෙන නම කුමද්දැයි අසාගැනීම සදහාය.

සිද්ධාර්ථ කලින්ම අසපුවට පැමිනෙන කාරනය දුර්ගේශ්වර හොදින්ම දනියි.

සිද්ධාර්ථ දුර්ගා අසලටම ගියත් ඇය කිසිවක් නොකියයි. ඒ වෙනුවට ඇගේ මුහුනේ සිනහවක් තිබෙයි.

සිද්ධාර්ථ ඔයාට බුද්ධ කියන නම ගැලපෙන්නේ නෑ. යුනුවෙන් නැවතත් කියූ දුර්ගා ඒ වෙනුවට සිද්ධාර්ථ ට ගැලපෙන නමක් ද යෝජනා නොකරයි.

සිද්ධාර්ථ නිහඩවම බලා සිටින්නේ එය දුර්ගා ගෙන් අසා ගැනීම සඳහාය.

දුර්ගා සිනහමුසු මුහුනින් යුතුව රාත්‍රී ආහාරය පිලියෙල කරයි. බොහෝ වේලා ගතවුවත් දුර්ගා නිහඬය.

රාත්‍රී ආහාරය සිද්ධාර්ථ ගේ අතට දුන් දුර්ගා මෙසේ කීවාය. සිද්ධාර්ථ ඔයාට ගැලපෙන නම මොකක්ද දන්නවද?

ඉන්පසුව ආහාර ගැනීම අවසන් වනතුරුත් දුර්ගා කිසිවක් නොකියා සිටි නිසා සිද්ධාර්ථ ගේ කුතුහලය තවත් වැඩිවිය.

එදින පූර්ණිමා දිනයකි. රාත්‍රී ආහාරය ගත් සිද්ධාර්ථ අසපුවේ ගෙපිල මත වාඩිවිය.

සිද්ධාර්ථ තවමත් කල්පනා කරන්නේ දුර්ගා තමාට යෝජනා කරන නම කුමන ආකාරයේ දෙයක්ද යන්නයි.

සිද්ධාර්ථ අසලින්ම වාඩි වූ දුර්ගේශ්වරී සිද්ධාර්ථ ට මෙසේ කීවාය.

සිද්ධාර්ථ ඔයාට ගැලපෙන්නෙ "බුද්ධ" කියන නම නෙමෙයි. "මානව සංහතියේම නිරායුධ ඝාථකයා" කියන නම.

සිද්ධාර්ථ ඔයා මිනිසුන්ගෙන් බාහිරට නිකුත්වන අරගලය ඔවුන්ගේ පැත්තට හරවලා ස්වයංක්‍රීයව මිනිසුන් ඝාතනය කරනවා. නැවත උපදින්නේ නැති විදිහටම. 

ඔයාගේ ක්‍රමයට අහුවෙන කිසිම කෙනෙක් ඒකේන් ගැලවෙන්නෙ නෑ. 

ඒක තමයි ඔයාගේ මානව සංහතියේ ඝාථනය. 

මාර පරාජය.

 

 

Comments