තුන්දහස්තු න්සිය තිස්හත්වැනි (3337) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

එදින අමාවක දිනයකි. අසපුවේ පහන් දැල්වීමට ප්‍රථමව දුර්ගේශ්වරී වැදගත් යමක් කීමට සැරසෙනුදුටු සිද්ධාර්ථ එයකුමක්දැයි ඕනෑකමින් අසාසිටීමට සූදානම්විය.

සිද්ධාර්ථ හෙට අනිද්දම රෝහිනී නදියේ වතුරට රජවරු යුද්ධකරයි වගේ.

දුර්ගාගේ වචන ඇසූ සිද්ධාර්ථ සන්සුන්ව කල්පනා කරන්නටවිය.

සිද්ධාර්ථ ඔයාට බැරිද? මොවාහරි කරලා යුද්ධය නවත්වන්න. 

දුර්ගේශ්වරී එසේ කීවේ සිද්ධාර්ථ යුධශිල්පය හොදින්ම දන්නා රජකෙනෙකු නිසාවෙනි.

මෙහොතක් කල්පනාකල සිද්ධාර්ථ රාත්‍රියේම අසපුවෙන් පිටත්වීමට සූදානම්විය.

කොහෙද සිද්ධාර්ථ යන්න හදන්නෙ? 

දුර්ගේශ්වරී සන්සුන්ව ඇසුවේ සිද්ධාර්ථගේ ගමනට ඔහුව උනන්දු කිරීම සදහාය.

මම යනවා යුද්දෙ නවත්වන්න.

ඇයි මෝඩයෝ පොල්ලක්වත් අතේ නැතිව ඔයා කොහොමද යුද්දෙ නවත්වන්නෙ?

දුර්ගා එසේ කියමින් සිද්ධාර්ථගේ අතට ගිතෙල් පහනක් සහ ගිනිහුලක් දුන්නාය.

ඇය සිද්ධාර්ථගේ ගමනට මුලු හදින්ම ආශීර්වාද කලාය.

මම යනවා ජෛන මහාවීරතුමා හමුවෙන්න.

සිද්ධාර්ථ එසේ කීමටත් ප්‍රථමව දුර්ගා සිද්ධාර්ථ යන්නේ කොහේදැයි දැනසිටියාය.

ඇයි ජෛන මහාවීරතුමාලග යුද්දෙට ඕනකරන ආයුධ තියෙනවද?

දුර්ගා එසේ කීවේ සිද්ධාර්ථගේ ගමන සාර්ථකවන බවට ආශීර්වාද කරමිනි.

සිද්ධාර්ථ අසපුවෙන් පිටව යනවාත් සමගම දුර්ගේශ්වරී සිද්ධාර්ථගෙන් මෙසේද ඇසුවාය.

මොකක්ද? සිද්ධාර්ථ ජෛන මහාවීරතුමා යුද්දෙට ගන්න ආයුධයේ නම.

පරම අවිහිංසාවාදය.

යැයි කියමින්  සිද්ධාර්ථ ගිතෙල් පහනත් රැගෙන ජෛන මහාවීර තුමාගේ ආස්‍රමය දෙසට ගමන් කරන්නටවිය.

යුද්ධය ඇතිවීමටත් ප්‍රථමව එය නිමාවූබව දුර්ගේශ්වරී දැනගත්තාය.

 

Comments