තුන්දහස් පන්සිය අනු පස්වැනි 3595 දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.


දුර්ගේශ්වරී හමුවීමට ප්‍රථමව, නිර්වාන ය වෙනුවෙන් සිද්ධාර්ථ විසින් කරන ලද මෝඩ වැඩ බොහොමයකි.


"ඔයා මෙතන නොකා නොබී මැරුණම කව්ද බුදු වෙන්නෙ ? "

දුර්ගා විසින් සිද්ධාර්ථ ට දුන් පළමු උපදේශයයි.


ඉන් පසුව සිද්ධාර්ථ දුෂ්කර ක්‍රියාව අත්හැර දැමූ අතර පස්වග තවුසන් සිද්ධාර්ථ ව අත් හැර දැමුවා.



වසන්ත නමස්කාරගේ තුන්දාස් තුන්සිය අනූඅටවැනි (3398) සජීවී සමාජ සංජානන සහ මනෝ විද්‍යාත්මක දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

වත්මන් සමාජ විග්‍රහයන් ට අනුව සිද්ධාර්ථ යනු පිස්සෙකි. දුර්ගේශ්වරී සිද්ධාර්ථ ගේ පිස්සුවේ තිබෙන සුන්දරත්වය ඉතාම හොදින්ම දැනසිටියා.

ඒනිසාම සිද්ධාර්ථ ගේ චර්යාව සමාජ සම්මතයට අනුකූලව ගලපා ගතයුතුව තිබුනා.

ඒ සදහා සුදුසුම කෙනා වූයේ ජෛන මහාවීරතුමා. ඒනිසා දුර්ගේශ්වරී විසින් සිද්ධාර්ථ ව ජෛන මහාවීරතුමා ගේ ඇසුරට යොමුකලාය. 

ජෛන මහාවීරතුමා සිද්ධාර්ථ ගේ සහ දුර්ගේශ්වරී ගේ ඇසුර ප්‍රියකලා.

සිද්ධාර්ථ තමා සොයාගත් නිර්වානය, ජෛන මහාවීරතුමා ගේ පරම අවිහිංසාවාදය මත ගොඩනගමින් සමාජ ගතකලා.

ජෛන මහාවීරතුමා ගේ පරම අවිහිංසාවාදය නොතිබෙන්නට සිද්ධාර්ථ සොයාගත් නිර්වාන ය ගැන දැනගන්නේ දුර්ගේශ්වරී පමනි.

  

Comments