තුන්දහස් පන්සිය අනු නව වැනි 3599 දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.


එදින පූර්නිමා දිනයකි. 


සිද්ධාර්ථ සහ දුර්ගේශ්වරී සවස් කාලයේ ගංගාව අසල සුහද කතාවකි.


උදෑසන සුජාතාව විසින් සිද්ධාර්ථ ට කිරිබත් පූජා කළ පාත්‍රය දුර්ගා තුරුලු කරගෙන සිටියි.


සිද්ධාර්ථ සූජාතාගේ කිරිබත් ගොඩක් රසයි නේද? 

දුර්ගා සිද්ධාර්ථ ට කීවාය.


ඔව්. 

එයා හිතුවේ මම දෙවි කෙනෙක් කියලා.


සිද්ධාර්ථ, 

ඔයා දෙවි කෙනෙක් නෙමෙයි. බුදු කෙනෙක්. දුර්ගා විසින් පළමු වතාවට "බුද්ධ" කියන වචනය සිද්ධාර්ථ වෙනුවෙන් භාවිත කරන ලදී.


බුදු කෙනෙක් ?

එය සිද්ධාර්ථ ට ප්‍රශ්නයක් විය.


බුදු කෙනෙක් කියන්නේ අන්න අර වගේ කෙනෙක්. 

ගංගාවේ එක් තැනකින් වතුර ඉහලට ගලා යන තැනක් දුර්ගා සිද්ධාර්ථ ට පෙන්නුවා ය.


සිද්ධාර්ථ ඒ දෙස බලා සිටියි.


කාරනය තවත් පැහැදිළි කිරීමට සිතූ දුර්ගා, තමා අත තිබූ පාත්‍රය ඉහළට ගලන දියපාර මත තැබුවාය. 


පාත්‍රය දියපාර සමග ඉහළට ගොස් නොපෙනී ගියේ, සිද්ධාර්ථ ට කාරනය පැහැදිළි කරමිනි.


ඒත් සිද්ධාර්ථ ඔයා බදු වෙන්නෙ මිනිස් ශරීරයක් ඇතුළෙ විතරයි. මිනිස් ශරීරයක් ඉක්මවා ගිය බුද්ධත්වය ෆැන්ටසියක්.

දුර්ගා සිද්ධාර්ථ ට කීවාය.

Comments